iranama
කෝටියක් දෝෂ භංග කරන ප්‍රබල යන්ත්‍රයක්
අධ්‍යාපනය ලබන දරුවන්ට විශේෂයි
ලොව්තුරා අමාමෑණී බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී සත්සතිය ගත කරන සමයේ පස්වන සතියේදී යහම්පති මහා බ්‍රහ්ම රාජයා දෙව් මිනිසුන් සඳහා ධර්මය දෙසන්නට උන්වහන්සේට ආරාධනා කළේය. උන්වහන්සේ බුද්ධත්වයට පත් වූ පසු "නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස" පාඨයෙන් නමස්කාර ලැබූ සේක.
එකී ගාථා පාඨයෙන් අපට එදිනෙදා ජීවිතයේදී ලැබිය හැකි පල ප්‍රයෝජන අති විශාලය. අපට දුකක් කරදරයක් වූ වෙලාවට දෙවොලකට ගොස් දෙවියන් නමැද ආශිර්වාදය ලබනවා මෙන්ම කෝටියක් ගුණදෙන අති ප්‍රබල මේ ගාථා රත්නය සහ ප්‍රස්ථාර කරන ලද යන්ත්‍රය තුළින් අතිමහත් ප්‍රතිඵල ලබා ගත හැකි බව අත්දැකීමෙන්ම කිව හැකිය.
සැබැවින්ම පස්පවින් ඈත්ව නිර්මාංශ ආහාරයන් ගනිමින් මේ කියා දෙන ක්‍රමවේදය අනුගමනය කරන්නේ නම් අද ඔබ සිටින තත්ත්වයට වඩා සතර සතියකින් සතර ගුණයකින් ඔබේ එදිනෙදා ජීවිතය සංවර්ධනය කරගත හැකියි.
"නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
වම්මා තරද්ද ගසමෝ අම්බු බතෝ
නතෝ සස්ස හස්ස
සතෝ නම්බු භග නම්මා අස්සද්ථෝ
වමෝ සරහස්ස නමෝතස්ස
භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස"
මේ ගාථා පාඨයේ තේරුම ගත්විට භගවතෝ - භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා
Wmqgd .ekSu